Avengers උණුසුම යන්නත් කලින් කරළියට එන Deadpool 2

මේක ගැන කතා කරන්න ඉක්මන් වැඩිද මන්දා. නෑ එක්කෝ Avengers: Infinity War අමතක වෙන්න කලින් මේක එළියට දාන්න හේතුත් ඇති. තාම චිත්‍රපට ශාලා වල තිරගත වන Infinity War චිත්‍රපටිය අභිබවා යන මට්ටමක බොක්ස් ඔෆිස් වාර්තාවක් මෙම චිත්‍රපටය මගින් තබනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ චිත්‍රපටයේ trailers හා Deadpool 2 නම Tag වෙලා Share වෙන Hash Tag එක්කයි.

හැමෝම ඉවරයි කියලා හිතපු දෙයක් මේ චිත්‍රපටියත් එක්ක එළියට එනවා. කට්ටිය ආසාවෙන් ඒ කාලේ බලපු චරිත කිහිපයක් මේ Deadpool 2 එක්ක එලියට එනවා. මතකද X-Force එක . හැබැයි ඒ 90 දශකයේ ජනප්‍රිය වුණ X men පරණ චරිත ටික නෙවෙයි එළියට එන්නේ . පරණ එකේ අලුත් ඒ කියන්නේ මේ කට්ටියගේ ළමයි කියනවට වඩා මේ කට්ටිය X men New Genaration කිව්වොත් වටිනවා කියලා මට හිතෙනවා.

ඩෙඩ් පූල් මොකද කරන්නේ ..? මොනවද වෙන්නේ එක Film බලලා කතා කරමු.. -TDK