රාජකීය විවාහයට සියල්ල සුදානම්…………. Prince Harry and Meghan Markle’s Royal wedding 2018

රාජකීය විවාහයට සියල්ල සුදානම්………….

Prince Harry and Meghan Markle’s Royal wedding 2018

Kensington මාලිගාව Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා තහවුරු කරන ලද්දේ Prince Harry සහ Meghan Markle රාජකීය විවහා මංගල උත්සවය 2018 මැයි මස 19 වන දිනට යොදා ගෙන ඇති බවයි.

ඔවුන්ගේ විවාහය වින්ඩෝසර් කාසල්හි St.George’sChapel හි දහවල් 12 ට පැවැත්වීමට නීයමිතය අතර හැරි කුමරුගේ ලේකම් වන Jason Knauf, කියා සිටියේ යුවළගේ මෙම විශේෂිත දිනයේදී ,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා මිතුරු මිතුරියන් සියලුදෙනාම සතුටින් ගත කිරීම ඔවුන්ගේ අභිලාශය බවයි. මාර්ක්ල්ගේ දෙමාපියන් දෙදෙනා මංගල උත්සවයට පෙර සතියේ එක්සත් රාජධානියට පැමිණීමට නියමිතය අතර Kensington මාලිගය පවසා ඇත්තේ මෙම රාජකීය විවහා මංගල උත්සවය සඳහා 600ක් පමණ වන විශේෂ අමුත්තන් සහභාගී වීමට නියමිත බවයි.

මේ අතර ඇති විශේෂ තැනක් මනමාලියගේ මංගල ඇදුමගන්නා අතර මේ පිලිබඳ කාගේත් අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත් Meghan Markle මංගල ඇදුම ඉහළම මෝස්තරයකින් සහ ඉහල වටිනාකමකින් යුක්ත වනු ඇති බව මේ පිලිබඳ අවධානයෙන් පසු වන්නන් ප්‍රකාශ කර සිටි.

මෙම මංගල උත්සවයේ විශේෂිත විවාහ ආරාධනා පත්‍රය බාර්නාඩ් වෙස්ට්වුඩ් විසින් රාජකීය සම්ප්‍රධායට අනුව නිර්මාණය කර ඇත . එසේම විවාහයට අවශ්‍ය මල් සැරසිලි සහ අනෙකුත් සැරසිලි ,කේක් ,ආහාරපාන ඇතුළු සියලුම දෑ ඉතා ඉහල ආකාරයට සුදානම් කොට ඇති අතර මෙය රාජකීය සම්ප්‍රධායට අනුව සුදානම් කොට ඇත.

කාගේත් අවධානයට ලක් වුයේ යුවලගේ මල් කුමරු සහ මල් කුමරියන් ,දෙවන මනාලියන් කවුරුන්ද යන්නයි.

මේ සඳහා විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ දරුවන් වන Prince George මල් කුමරු ලෙසත්, Princess Charlotte මල් කුමරිය ලෙසත්, දෙවන මනාලියන් ලෙස Bollywood නිලි Priyanka chopra, ටෙනිස් ශූර Serena Williams ,නිර්මාණ ශිල්පී Misha Nonoo සහ මෝස්තර ශිල්පී Jessica Mulroney යන අය නම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම මංගල උත්සවය මෙම වසරේ පවත්වන ඉහලම මංගල උත්සවය වනු ඇති බව නොඅනුමානයි