රවුඩි රෞසිගේ කුරුමානම සාර්ථකයි

හැමෝම දන්න WWE ආයතනයේ Monday Night RAW වැඩසටහනේ කවුරුත් මග බලන් හිටපු තරගයක් පවත්වන්නට මේ වෙද්දි සියලු කටයුතු සූදානම් වෙලා තියනවා. තරගය ගැන කතා කලොත් මේකට සහභාගී වෙන එක ක්‍රීඩිකාවක් නිසා තමයි හැමෝම මේ තරගය වෙනුවෙන් බලාගෙන ඉන්නේ.

මෙම වසරේ පැවැත්වෙන WWE Money In The Bank 2018 තරගාවලියේදී විශේෂ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිත වන අතර විශේෂ සටන් ක්‍රම අනුගමනය කරමින් තරග කරන රොන්ඩා හට ඇති අත්දැකීම් සමගින් මෙම තරගය ක්‍රීඩා කරමින් ඇය කාන්තා සටන් රැජින බවට පෙන්වනවා නොඅනුමානය.

තරගය පැවැත්වෙන්නේ UFC තරග බලපු කවුරුත් දන්න යකඩ ගැහැණිය රොන්ඩා රෞසි නොහොත් “රවුඩි රෞසි” හා වර්තමාන Monday Night RAW කාන්තා ශූරිය වන නියා ජැක්ස් අතරයි. සියලු දෙනා අදහස් පළ කරන්නේ මේ තරගය රවුඩි රෞසි ජයගනිමින් හි පෙරළියක් ඇති කිරීමට සමත්වනු ඇති බවටයි. – TDK